ගලේවෙලම හඬයි – එකම පවුලේ ‘දරුවන් තිදෙනාම’ මරු තුරුළේ සැඟවේ

ගලේවෙල රන්වැඩියාව ප්‍රදේශයේදී අනාරක්ෂිත වළක දිය නෑමට ගිය එකම පවුලේ දරුවන් තිදෙනකු අද (19) මිය ගොස් ඇතැයි ගලේවෙල පොලීසිය සඳහන් කළා.

එකම පවුලේ අවුරුදු 15,07 යන වයස්වල පසුවන දියණියන් දෙදෙනා සහ අවුරුදු 5 ක් වයසැති පිරිමි දරුවකු මිය ගොස් තිබෙනවා.

දිය නෑමට යන බව පවසා අද උදෑසන ඔවුන් නිවසින් පටත්ව ගොස් ඇති අතර ඔවුන් නැවත නිවසට ඒමට ප්‍රමාද වූ බැවින් මව්පියන් ඔවුන් සොයන විට අනාරක්ෂිත වළ අසල තිබී ඇඳුම් කිහිපයක් සොයාගෙන ඇති බව වාර්තා වනවා.

අනතුරුව ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසු කළ පරීක්ෂාවකදී වලෙහි වැටී මියගොස් සිටි දරුවන් තිදෙනාගේ සිරුර හමු වී ඇති අතර සිද්ධිය සම්බන්ධ ගලේවෙල පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *