ඩුබායි සිට තරගයට කුඩු එවන තිදෙනෙක් – තුන්වැන්නාගේ නම ආරක්‍ෂක හේතු මත හෙළිනොකරයි

ඩුබායි රටේ සිට ශ්‍රී ලංකාවට මත් කුඩු එවීමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනකු එහි සිටින බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පවසනවා.

කොල්ලූපිටියේදී මත් කුඩු කිලෝ 290 ක් සමග අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට හෙළිකර ඇත්තේ ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් මධුෂ් සහ දැනට ඩුබායි හි වෙසෙන මෙරිල් ද තවත් මත් කුඩු ජාවාරම්කරුවකු ද එහි සිටින බවයි.

තුන්වැනි ජාවාරම්කරු මෙම මත්ද්‍රව්‍ය තමන්ට එවූ බවද මීට පෙර ද ඔහු මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට එවා තිබූ බවද සැකකරුවන් විසින් සඳහන් කර තිබෙනවා.

මෙම තිදෙනාම මත් කුඩු ජාවාරම් තරගයට මෙන් කරන අතර තුන්වැනි ජාවාරම්කරුගේ නම ආරක්‍ෂක හේතු මත හෙළිනොකරන බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරියෙක් පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

මධුෂ්, මෙරිල් සහ මෙම තුන්වැනි මත්කුඩු ජාවාරම්කරුගේ පාතාල කල්ලි තුනක් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පෙන්වා දෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *