රියදුරුට නින්ද ගිහින් තිදෙනෙක් මරු තුරුලේ

මඩකලපුව – කුච්චිවේලි – සන්දිවේලි මංසන්ධියේදී අද (16)උදෑසන සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ලොරියක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි කුච්චවේලි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් සන්දිවේලි මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මඩකලපුව මහ රෝහලට මාරුකර යවා තිබෙනවා.

ලොරියේ රියදුරුට නින්ද යාමෙන් අනතුර සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති අතර, ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *