ත්‍රීරෝද රථවල සැරසිලිවලට පනවා තිබූ තහංචි රැසක් ඉවතට

ත්‍රිරෝද රථ සඳහා පනවා තිබූ නව නීති 57ක් ඉවත් කිරීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මීට පෙර පනවා තිබූ නීති 67 න් නීති 10 ක් තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වනු ඇති.

ධාවනයේදී වෙනත් රියදුරන්ට සහ මගීන්ට මෙන්ම, මහජනතාවට ද අවහිරයක් නොවන ලෙස ත්‍රිරෝද රථවල අලංකරණය සඳහා සවි කරන උපාංග කිහිපයක් මේ අනුව, තහනමින් ඉවත් කිරීමට නියමිතයි.

අලංකරණ කටයුතු සිදුකරන ව්‍යාපාර වල පැවැත්ම පිලිබඳව ද අවධානය යොමුකරමින් එම නීති ඉවත් කිරීමට පියවර ගත් බවයි ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම කියා සිටියේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *