අගමැති රනිල් ඉන්දියාවට ගොස් කළ ‘ බරට බර ‘ පූජාව(PHOTOS)

ඊයේ (03) පෙරවරුවේ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්හි ඓතිහාසික තිරුපති කෝවිල වැඳ පුදා ගත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බරට බර පුජාවටද ශ්‍සහභාගී වූ බව වාර්තා වනවා.

ඓතිහාසික තිරුපති කෝවිලට රාජ්‍ය නායකයින් ඉටු කරන විශේෂ පූජාවක් ලෙසයි එය හැඳින්වෙන්නේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද තිරුපති වන්දනාවට සහභාගී වී තිබෙනවා.

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය එන්.අමරාන් රෙඩි ප්‍රමුඛ ප්‍රාන්තයේ ඉහළම නිලධාරින් විසින් පිළිගත් බව ඉන්දීය පුවත් ඒජන්සි වාර්තා පළ කර තිබෙනවා.

තිරුපති කෝවිල වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුයේ එහි පාලක සභාවේ ප්‍රධානියකු වන අනිල් කුමාර් සිං ප්‍රමුඛ නිලධාරීන් විසිනුයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *