අද පස්වරුවේ හෝ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු , ඌවසහ වයඹ පළාත්වල තැනින් තැන අද පස්වරුවේ හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ද ඇති වීමට ඉඩ ඇති බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *