ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
අද දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව,වයඹ සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ද ඇතිවිය හැකයි.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනවා..
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතිනවා.
අද(08) දහවල් 12:12 ට බෝලවත්ත, වෑදෙනිය, වට්ටාරම, අඹගමුව, දිගන, මහවල, ගල්ගමුව, අම්පාර සහ ඔලුවිල් යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරන්නේ.