fbpx

වයස 70ක දුර්වල ඇතින්නක්ව නුවර පෙරහැරේ හිංසාකාරීව ගෙන ගියේ යැයි ​චෝදනාවක් (Photos)

ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික අනන්යතාවක් සහ බෞද්ධයන්ගේ ප්‍රමුඛ උත්සවයක් වන නුවර දළදා පෙරහැර පසුගිය දිනවල අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. දළදා පෙරහැරේ එක් විශේෂත්වයක් වන්නේ එහි ගමන්කරන අලි ඇතුන්ගේ දර්ශනයයි.

කෙසේ වෙතත් මෙවර පෙරහැරේ ගමන් කළ එක් දුර්වල ඇතින්නියක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්ය තුළ කතාබහක් ඇතිව තිබෙනවා.

ෆේස්බුක් සමාජ ජාලය තුළ පළවූ එක් පෝස්ටුවකට අනුව වයස්ගත, වැහැරී ගොස් සිටින ටිකිරි නම් වයස 70ක පම​ණ ඇතින්නක් මෙවර පෙරහැරේ ගමන් කරවා ඇති බවට කරුණු පළකොට තිබෙනවා. අතිශය දුර්වල ශරීරයකින් යුතු මේ සත්වයාව පෙරහැරේ ගමන් කරවීම අතිශය හිංසාකාරී ක්රියාවක් බවට එහිදී දෙස් විදෙස් බොහෝ පිරිසක් දොස් නගා තිබෙනු දකින්නට ලැබෙනවා.

ෆේස්බුක් පෝස්ටුවේ පරිදි සැබෑවටම පෙරහැරේ ගමන් කරවා ඇත්තේ ඉහත කී ටිකිරි ඇතින්නවමදැයි කරුණු තහවුරු කරගැනීමත්, එසේනම් එම හිංසාකාරී ක්‍රියාව සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරීමටත් සත්ව හිංසාවට එරෙහි පිරිස් මේ වන විට කටයුතු කරගෙන යන බවක් දකින්නට ලැබෙනවා.