TikTok මූලස්ථානයේ කාර්ය මණ්ඩලය රෝහල්ගත කරයි

TikTok හි මව් සමාගම වන ByteDance හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලය ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී ආහාර විෂවීමෙන් එහි සේවය කළ පුද්ගලයින් 57 දෙනෙකු රෝහල් ගතකළ බවයි එම වාර්තාවේ සඳහන්.

එහිදී නගර ප්‍රාන්තයේ සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා නිලධාරීන් මේ සම්බන්ධයෙන් විමර්ශන කරන බවත්, ByteDance ද පවසා ඇත්තේ තම සේවකයින් අසනීප වීමට හේතුව කුමක්ද යන්න සොයා බලන බවත්ය.

චීනය විසින් 2012 දී ආරම්භ කරන ලද, ByteDance චීනයේ කෙටි වීඩියෝ යෙදුමක් වන Douyin සමඟින් එහි පළමු පියවර තැබූ අතර,. වසරකට පසුව, TikTok සමාජ මාධ්‍ය ආරම්භ කරනු ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *