රෝගී කාන්තාවක් නිසා ‘තවත් බස් රථයක රියැදුරුට සහ සහායකට’ කොරෝනා

යාපනයේ කොරෝනා ආසාදිත කාන්තාව කොඩිකාමම් සිට පුන්කුඩතිව් බලා ගමන් ගත් බස් රථයේ රියැදුරු සහායකවරයාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

දින 15කට පසු එම රියැදුරු සහයක භාජනය කළ දෙවන පී.සී.ආර්. පරීක්ෂණයෙන් මේ බව තහවුරු වී තිබෙනවා.

කොරෝනා ආසාදිත මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවක පසු ගිය ඔක්. 3 වන දා කොළඹ සිට යාපනය බලා ගමන් කර තිබුණු බව පසුගිය දා අනාවරණය වුණා.

අදාළ බස් රථය පුත්තලමේදී කාර්මික දෝෂයකට ලක්ව නතර කර ඇති අතර පසුව එතැන් සිට එම කාන්තාව කොඩිකාමම් දක්වා වෙනත් බස් රථයකින් ගමන් කර තිබුණා.

පසුව ඇයගේ ගමනාන්තය වූ පුන්කුඩතිව් බලා ඇය කොඩිකාමම් සිට තවත් බස් රථයකින් ගමන් කර තිබෙනවා.

ඒ අනුව, සෞඛ්‍ය අංශ විසින් අදාළ කාන්තාව ගමන් ගත් බස් රථවල ආ මගීන් සොයා විමර්ශන කළ අතර බස් රථවල රියැදුරන් සහ රිය සහයකවරයන් ස්වයං නිරෝධායනයට යොමු කර තිබුණා.

එහිදී කොඩිකාමම් සිට පුන්කුඩතිව් බලා ධාවනය වුණු බස් රථයේ රියැදුරු සහයකට ද කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එම බස් රථයේ රියැදුරු සහායකගේ නිවැසියන් ද නිරෝධායනයට යොමු කර ඇති අතර ඔවුන් ද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කර ඇති බව වාර්තා වනවා.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ අදාළ රියැදුරු සහයක පදිංචි ප්‍රදේශයට මේ වන විට සංචරණ සීමා පනවා ඇති බවයි.

 

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *