හමුදා ඇඳුමින් සැරසී ‘ජනාධිපති කාර්යාලයේ නම විකුණූ කර්නල් නිසා’ ජනපති කණස්සල්ලෙන්

චීනයේ ෂැංහයි සිට පසුගිය බ්‍රහස්පතින්දා (04 ) පැමිණි යූ.එල්. 867 යානයෙන් ගෙනා පාර්සලයක් ජනාධිපති කාර්යාලයේ නම පාවිච්චි කරමින් යුද හමුදාවේ කර්නල්වරයකු විසින් නිදහස් කරගෙන යෑම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි කණස්සල්ල පළ කර ඇති බව වාර්තා වනවා.

අදාළ කර්නල්වරයා පසුගිය බ්‍රහස්පතින්දා (4) චීනයේ සිට ලංකාවට පැමිණි ගුවන් යානයේ නියමුවා මගින් චීනයේ ෂැංහායි නුවරින් භාණ්ඩ පාර්සලයක් මෙරටට ගෙන්වා ගෙන තිබුණා.

අදාළ ගුවන් යානය පැමිණි වාහම ගුවන් තොටුපොළ බලධාරීන්ට දුරකතනයෙන් කතා කළ කර්නල්වරයා ජනාධිපති කාර්යාලයේ අවශ්‍යතාවය සඳහා පාර්සලයක් ගෙන්වා ඇති බවත් එය ජනාධිපති කාර්යාලය වෙනුවෙන් නිදහස් කර ගැනීමට යුද හමුදාවේ කර්නල්වරයකු ගුවන් තොටුපොළට පැමිණෙන බවත් වහාම ඔහුට එය නිදහහස් කර දෙන ලෙසත් ඉල්ලා තිබෙනවා.

දුරකතන ඇමතුම ලබා දීමෙන් පසු අදාළ කර්නල්වරයාම යුද හමුදා නිල ඇඳුමෙන් සැරසී ගුවන් තොටුපොළට ගොස් නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව අදාළ පාර්සලය නිදහහස් කරගෙන පිටව ගොස් තිබුණා.

එම පාර්සලය නිදහස් කිරීම පිළිබඳව ගුවන් තොටුපොළ බලධාරීන් ඊට පසු ජනාධිපති කාර්යාලයට දැනුම් දුන්නද ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ එබඳු කිසිදු පාර්සලයක් ජනාධිපති කාර්යාලය ඇණවුම් කර නොමැති බවයි.

මේ සිදුවීම පිළිබඳව දැන ගත් සැණින් ජනාධිපතිවරයා ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අමතා වහා පූර්ණ පරීක්ෂණයක් කර තමන්ට වාර්තා කරන ලෙස නියෝග කර තිබෙනවා.

මේ අන්දමින් මත්ද්‍රව්‍ය හෝ වෙනත් හානිකර දෙයක් වුවද ගෙන්වා ජනාධිපති කාර්යාලයේ නම භාවිතා කර නිදහස් කර ගත හැකි වීමේ අවදානම පෙන්වා දී ඇති ජනාධිපතිවරයා හමුදා නිල ඇඳුමින් සැරසුන අයකු එසේ කිරීම දැඩි විනය විරෝධී බවද ගුවන් තොටුපොළ සභාපතිවරයාට පවසා තිබුණා.

ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂ සහිත ලියවිලිවල අත්සන යොදා ඉල්ලීම් කිරීම ජනාධිපති ලේකම්වරයාට පමණක් වූ කාර්යයක් ලෙස විශේෂ චක්‍රලේඛකයක් මගින් සීමා කර ඇති අතර ජනාධිපති කාර්යාලයේ නම සඳහන් කිරීමත්, ජනාධිපතිවරයා තහනම් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *