අගමැති සංචාරයක් සඳහා තායිලන්තයට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්තයේ නිල සංචාරයක් සඳහා අද (05/31) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව එහි කාර්යය භාර නිලධාරීවරයා පවසයි.

අග්‍රාමාත්‍යවරයා සමඟ 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තායිලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඔවුන් අලුයම 01.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මේ අතර තවත් දින කීපයකින් තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ” සක් සුරින් “නැමැති ඇතා විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් ආපසු රැගෙන යාමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *