අද මරණවලින් පෙනෙන්නේ බරපතල තත්ත්වයක් – සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කියයි

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් තුන් දෙනෙකු අද ජීවිතක්ෂයට පත්වුණා.

එය දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවද වන අතර, අද ජීවිතක්ෂයට පත්වූ තුන් දෙනාගෙන් එක් අයෙකු 19 හැවිරිදි වියේ පසුවීමද විශේෂත්වයක්.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 87 ක් වයසැති කාන්තාවක් සහ 19 ක් වයසැති තරුණයෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඔවුන් කොළඹ කෙසෙල්වත්ත සහ කොළඹ 02ක ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

ඔවුන් දෙදෙනාම කොළඹ ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත්වූ අතර, අද වාර්තා වූ අනෙක් කොරෝනා මරණය සිදුවුණේ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච් රෝහලේදීයි.

ඔහු ජා-ඇල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41ක පුද්ගලයෙක්.

සිරෝසිස් රෝගී තත්ත්වයෙන් රාගම රෝහලට ඇතුළත් කෙරුණු මොහු පෙරේදා අයි.ඩී.එච්. රෝහලට මාරු කර යවා ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීම හේතුවෙන්.

අද දහවල් ඔහු මියගොස් ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 19ක්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිදුවූ මරණ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ මෙය බරපතල තත්ත්වයක් බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *