ශ්රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්රධානත්වයෙන් ඊට අදාළ සැමරුම් උත්සවය අද පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම සංවත්සරයට සමගාමීව ගුවන් හමුදා සාමාජිකයන් 7757 දෙනෙකුගේ උසස්වීම් ද ප්රකාශයට පත් කෙරෙනවා.
මේ අතර, හෙට සිට එළඹෙන 5 වනදා දක්වා ගාලුමුවදොර පිටියේදී ගුවන් යානා සංදර්ශනයක් ද පැවැත්වෙනු ඇති.
ඊට එක්වීම සඳහා ඉන්දියානු ගුවන් හමුදාවට අයත් යානා 25ක් ද පසුගිය දා දිවයිනට පැමිණියා.