නවසීලන්ත කණ්ඩායමේ පුහුණු තරගයේ අවසන් දිනය අද

New Zealand's Mitchell McClenaghan (2-L) and teammate Tim Southee (C) celebrate after winning the 2013 ICC Champions Trophy cricket match between Sri Lanka and New Zealand at The Cardiff Wales Stadium in Cardiff, Wales on June 9, 2013. New Zealand won by one wicket. AFP PHOTO/Paul ELLIS - RESTRICTED TO EDITORIAL USE (Photo credit should read PAUL ELLIS/AFP/Getty Images)

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන තුන් දින පුහුණු ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.

තරගයේ දෙවන දිනයේ තරගය පැවැත්වීමට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුළු 6 ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 323 ක්. ධනුෂ්ක ගුණතිලක ලකුණු 98 ක් සහ සදීර සමරවික්‍රම ලකුණු 80 ක් රැස් කිරීමට සමත් වුණා. අශාන් ප්‍රියන්ජන් නොදැවී ලකුණු 56 යි.

පන්දු යැවීමේදී අජාස් පටෙල් ලකුණු 41 කට කඩුළු 5 ක් දවා ගත්තා. තරගය කටුනායක නිදහස් වෙළද කලාප ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.