කුසල්ට අද තරගය විශේෂ වෙයි

අද තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරාට සුවිශේෂී තරගයක්. ඒ, ඔහු අද සිය ක්‍රිකට් දිවියේ සියවැනි එක්දින තරගයට එක්වීම හේතුවෙන්. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා අද තරගයට ක්‍රීඩා කිරීමත් සමග ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග සියයක් ක්‍රීඩා 28 වැනි ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්වනු ඇති.

අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග සියයක් ක්‍රීඩා කර තිබුණේ චාමර කපුගෙදරයි. දැනට කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින් අතරින් එක්දින තරග සියයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් වන්නේ ඇන්ජලෝ මැතිව්ස් සහ තිසර පෙරේරා පමණයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *