ඇමරිකානු ඔස්කාර් සම්මානලාභී සජීවිකරණ ශිල්පී, චිත්රපට අධ්යක්ෂක සහ නිෂ්පාදකවරයෙක් මෙන්ම ලොව පුරා බොහෝ දෙනෙනකුගේ ආදරයට පාත්රවී කාටූනයක් වන ටොම් ඇන්ඩ් ජෙරී කාටූනයේ අධ්යක්ෂ ගේන් ඩිච් මියගොස් තිබේ.
චෙක් ජනරාජයේදී ඔහු ජීවිතක්ෂයට පත්වන විට 95 වැනි වියේ පසුවිය. පසුගිය බ්රහස්පතින්දා රාත්රියේ ඩීච් සිය නිවසේදී අනපේක්ෂිත ලෙස මියගොස් ඇති අතර වැඩි විස්තර වාර්තා නොවේ.
ඩීච්ගේ මුන්රෝ 1960 දී හොඳම සජීවිකරණ කෙටි චිත්රපටය සඳහා ඇකඩමි සම්මානය දිනා ගත්තේය. 1964 දී දෙවරක් එම සම්මානය සඳහා ඔහු නම් කරන ලදී. ඔහු විසින් නිෂ්පාදනය කරන ලද සිඩ්නිගේ පවුලේ ගස 1958 දී ඇකඩමි සම්මානයකට නම් කරන ලදී.
සජීවිකරණය සඳහා ඔහුගේ ජීවිත කාලය පුරාම කළ දායකත්වය වෙනුවෙන් 2004 දී ඔහුට වින්සර් මැකේ සම්මානය හිමි විය.