ටොරින්ටන් ගෘහස්ත කී‍්‍රඩාංගණය පරවියන්ගේ පාරාදීසයක්

කොළඹ ටොරින්ටන්හි පිහිටි ගෘහස්ත කී‍්‍රඩාංගණය ජාතික කණ්ඩායම් රැසක් පුහුණුවිම් සිදුකරන ස්ථානයක්. කෙසේවෙතත් මේ වනවිට එම ගෘහස්ථ කී‍්‍රඩාංගණය ගබඩාවක් සහ පරවියන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති බව වාර්තා වනවා.

ජාතික වොලිබෝල් කණ්ඩායම ඇතුලූ කණ්ඩායම් කිහිපයක් පුහුණුවීම් සිදුකරන මෙම ගෘහස්ථ කී‍්‍රඩාගණයේ ඇතැම් ස්ථානවල මෙට්ට් සහ පුටු ගබඩා කර තිබෙන අයුරු නිරීක්ෂණය වුණා.

එමෙන්ම ගෘහස්ත කී‍්‍රඩාංගණයේ සිවිලිමේ ඇතැම් ස්ථානවල විශාල සිදුරු ද දක්නට ලැබුණා. විශාල මුදලක් වැයකරමින් ඉදි කෙරුණු මෙවැනි ජාතික සම්පත් රැක ගැනීම කී‍්‍රඩක කි‍්‍රඩිකාවන් මෙන්ම කී‍්‍රඩා බලධාරීන් සතු වගකීමක්.

ජාතික කණ්ඩායම් රැසක් පුහුණුවීම් සිදුකරන ටොරින්ටන් ගෘහස්ත කී‍්‍රඩාංගණය පිළිබද මෙම අනාවරණයෙන් පසුව හෝ කී‍්‍රඩා බලධාරීන් ඊට අවධානය යොමු කෙරෙනු ඇතැයි බලපොරෝතුවෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *