ජපානයෙන් හොරාගත් ජීප් රථය කිරිබත්ගොඩින් හමුවේ

ජපානයෙන් සොරා ගත් රුපියල් කෝටි හතරහමාරක් පමණ වටිනා අති සුඛෝපභෝගී ජිප් රථයක් කැළණිය වේවැල්දුව ගරාජයක තිබියදී ගරාජ් හිමියා සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය පවසනවා.

කිරිබත්ගොඩ, තැඹිලිගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට තිබෙනවා.

ජපානයෙන් සොරා ගත් ටොයෝටා V8 වර්ගයේ ජිප් රථයක් කැළණිය ගරාජයක සඟවා තිබෙන පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාට ලද තොරතුරක් ලැබුණු බව පොලිසිය සඳහන් කළා.

මෙම සුඛෝපභෝගී ජිප් රථය 2015 වසරේ නිෂ්පාදිත බවත් ඉකුත් වසරේ නොවැම්බර් 9 වැනි දා ජපානයෙන් සොරා ගත් ජිප් රථයක් බවට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඡාත්‍යන්තර අංශයට ඡාත්‍යන්තර පොලිසියෙන් ලිඛිතව දන්වා ඇතැයි විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.

ජීප් රථයේ වටිනාකම රුපියල් කෝටි 4ක් පමණ වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *