ට්‍රැක්ටර් ලියාපදිංචිය වැඩිවේ..වාහන අඩුවේ – නවතම තොරතුරු හෙළිවේ

අගෝස්තු මාසයේ මෙරට වාහන ලියාපදිංචිය පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස සියයට 45 කින් පහත වැටී තිබෙනවා.

අගෝස්තු මාසයේදී වාහන 17,493 ක් ලියාපදිංචි කර ඇති අතර, යතුරුපැදි 13,794 ක් සහ ත්‍රිරෝද රථ 206 ක් ලියාපදිංචි කර ඇති බවයි වෙළඳපොල දත්ත මගින් අනාවරණ කෙරෙන්නේ.

එහිදී මෝටර් රථ ලියාපදිංචිය පසුගිය වසරේ අගෝස්තුවේ පැවති ඒකක 2,385 ට සාපේක්ෂව 906 දක්වා පහත වැටීම විශේෂත්වයක්.

මෝටර් රථ ආනයනයට පනවා ඇති සීමාවන් මෙම තත්වයට හේතුව ලෙස සැළකෙනවා.

කෙසේ නමුත් විශාල ප්‍රමාණයේ ට්‍රැක්ටර් ලියාපදිංචිය, පසුගිය වසරේ වාර්තා වූ 183 ට සාපේක්ෂව 428 දක්වා කැපී පෙනෙන අයුරින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

මේ අතර 2020 වසරේ ජූලි මාසයේ පෞද්ගලික වාහන ආනයනය වියදම 93.6%කින් සැලකිය යුතු ලෙස පහත වැටී තිබෙනවා.

2019 වසරේ දෙසැම්බර් මාසයට පසු අඩුම මාසික රථවාහන ආනයන වියදම වාර්තා වන්නේ 2020 ජූලි මාසයෙයි.

මීට හේතුව වන්නේ ආනයන සීමා කිරීම බව මහා බැංකුව පවසනවා.

2019 ජූලි මාසයේදී පෞද්ගලික රථ වාහන ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් බිලියන 95.4ක්.

2020 ජුලි මාසයේ එම වියදම එක්සත් ජනපද ඩොලර් බිලියන 6.1ක්. ඒ අනුව අඩුවීම 93.6ක්.

2029 ජනවාරි- ජූලි අතර හා 2020 ජනවාරි -ජූලි අතර එම වියදම අඩුවීමේ ප්‍රතිශතය -33.4%ක්.

මහා බැංකුව කියා සිටින්නේ, වෙ‍ළෙඳ භාණ්ඩ ආනයන වියදම අඩු වීම හමුවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඉහළ යෑම හේතුවෙන් 2020 වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය තවදුරටත් යථා තත්ත්වයට පත් වූ බවයි.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුව ද, කැපී පෙනෙන වර්ධනයන් කිහිපයක් නිරීක්ෂණය කළ බවද මහා බැංකුව කියා සිටිනවා.

වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2020 වසරේ ජනවාරි සිට ප්‍රථම වරට ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියනය ඉක්මවා ගිය අතර, 2020 වසරේ පෙබරවාරි මාසයෙන් පසු ප්‍රථම වරට වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ධනාත්මක වර්ධනයක් වාර්තා කළා.

අත්‍යවශ්‍ය නො වන භාණ්ඩ ආනයන සීමා කිරීම් තවදුරටත් ක්‍රියාත්මක වීම හමුවේ අපේක්ෂා කළ පරිදි වෙළෙඳ භාණ්ඩ ආනයන පහළ මට්ටමක පැවතුනා.

2020 වසරේ ජූලි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබුණු අතර, එය 2018 ජනවාරි මාසයේ සිට වාර්තා වූ ඉහළ ම මාසික ප්‍රේෂණ ප්‍රමාණයයි.

මේ අතර, 2020 වසරේ ජූලි මාසය අවසානය වන විට ඉන්දියානු සංචිත බැංකුව වෙතින් දකුණු ආසියානු කලාපීය සහයෝගීතා මූල්‍ය සංවිධානය (SAARCFINANCE) යටතේ වූ විදේශ විනිමය හුවමාරු පහසුකම ලැබීමත් සමඟ රටේ දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.1ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට ශුද්ධ ලැබීම් වාර්තා වීම හමුවේ විනිමය අනුපාතිකය මත වූ පීඩනය ලිහිල් වූ අතර, දළ නිල සංචිත ගොඩ නැගීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට ශුද්ධ පදනම මත විදේශ විනිමය අවශෝෂණය කර ගැනීමට ද හැකි වුනා.

රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙතින් සාපේක්ෂ ව අඩු මට්ටමකින් වුව ද විදේශීය ආයෝජන ගෙවීම් වාර්තා වුනා.

මහා බැංකුව පවසන්නේ 2020 වසරේ ජූලි මාසය තුළ දී ශ්‍රී ලංකා රුපියල සුළු අතිප්‍රමාණය වීමක් වාර්තා කළ බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *