කොළඹ ප්‍රදේශයේ රථ වාහන තදබදයක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය ප්‍රකාශ කළා.

ආමර් වීදිය, බාබර් වීදිය, ග්‍රෑන්ඩ්පාස් – ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ මාර්ගය සහ හයිලෙවල් මාර්ගයේ තුම්මුල්ල ප්‍රදේශයේ මෙලෙස දැඩි රථ වාහන තදබදයක් පවතිනවා.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *