රථවාහන වැරදි හතකට එරෙහිව රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීම සඳහා රජය යළිත් අවධානය යොමුකර තිබෙනවා.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ අධික වේගය, බීමත්ව රිය පැදවීම, දුම්රිය සංඥා නොතකා රිය ධාවනය ඇතුළු වරදවල් සඳහා මෙම දඩය පැනවීමට සිදුවන බවයි.
මෙවැනි වැරදි සම්බන්ධයෙන් රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීමට මීට පෙර යෝජනා වුවද එම දඩය වැඩිකළේ රුපියල් තුන්දහසක් දක්වා පමණයි.
එහෙත් දෛනිකව සිදුවන රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් අටදෙනකු මිය යන බවත් මෙය බරපතල තත්ත්වයක් බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.