නාවලපිටිය ප්‍රදේශයේදී දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වි ඇත්තේ බාහිර පන්තියට සහභාගි වන බව නිවසට පවසා නිවසෙන් පැමිණ ඇති දරුවන් දෙදෙනෙක් බවත් බාහිර පන්තියට නොගොස් ඔවුන් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක් වි ඇති බවත් වාර්තා වනවා..
මෙහිදී ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ලලංග හර්ෂ කුමාර සහ නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි වික්‍රමගෙදර පියුමි භාග්‍යා නැමති පාසල් සිසුවියයි.
ජිවිතක්ෂයට පත් පාසල් සිසුවා සහ සිසුවිය තවත් පාසල් සිසුවියක් සමග දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදි මහනුවර සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා අද (02) උදැසන 9.30ට පමණ ධාවනය වු විශේෂ දුම්රියේ ගැටි මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය සහ ඉගුරුඔය දුම්රිය ස්ථාන දෙක අතර ජයසුන්දර ප්‍රදේශයේදියි..
ඉදිරියට ධාවනය වන දුම්රිය දැක මියගිය පාසල් සිසුවාගේ පෙම්වතිය බව පැවසෙන පාසල් සිසුවියව දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලු කර අනිත් පාසල් සිසුවියව දුම්රිය මාර්ගයෙන් ඉවතට තල්ලු කිරිමට පාසල් සිසුවා උත්සාහ කිරීමේදී දෙදෙනාම දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇති බවයි නාවලපිටිය පොලිසිය පවසනවා.