ගාල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 320 දුම්රිය පීලි පැන ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රිය පීලි පැනීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වන විට බාධා එල්ල වී තිබෙනවා.
මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දකුණු කළුතර දුම්රිය ස්ථානය හරහා කිසිදු දුම්රියක් ධාවනය නොවන බවද පාලක මැදිරිය පැවසුවා