ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති අතර ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම සහ එහි පාලිත සමගම් මෙන්ම ආශ්‍රිත ආයතන විදුලි සංදේශ රැකියා සහ ක්‍රිඩා අමාත්‍ය ශීර්ෂය යටතට ඇතුළත් කර ඇති බව සඳහන්.
ශ්‍රි ලංකන් එයාර් ලයින් සමාගම සහ එහි පාලිත සමාගම් ද මෙම ගැසට් නිවේදනය මඟින් මුදල් අමාත්‍යංශය යටතට පවරා ඇති අතර රන්මිණිතැන්න සිනමා ගම්මානය නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට පවරා තිබෙනවා.