හොරෙන් රොකට් අත්හදා බැලූ කිම් ජොන් උන් ගැන ට්‍රම්ප් දුන්න උත්තරේ

මත ගැටුම් පැවැතියත්, තමා සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර ඇති වුණු මිත්‍රත්වය කිසිදු ආකාරයකින් පළුඳු වී නැති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මෙසේ කියා සිටියේ, වියට්නාමයේ හැනොයි අගනුවරදී කිම් ජොන් උන් සහ ට්‍රම්ප් අතර හමුව බිඳ වැටීම සම්බන්ධයෙන් පුවත් පළ වී ඇති නිසායි.

හැනොයි සමුළුව එකඟතාවකින් තොරව අවසන් ව ඇතත් කිම් ජොන් උන් සහ ට්‍රම්ප් අතර යළි හමුවක් පැවැත්වෙන්නේ කවදාදැයි යන්න අවිනිශ්චිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

න්‍යෂ්ටික අවිහරණය සිදු කරනවා යැයි පොරොන්දු වී සිටින උතුරු කොරියාව, යළි රොකට් අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කර ඇතැයි බුද්ධි අංශ නිලධාරීන් පසුගියදා චන්ද්‍රිකා ඡායාරූප අනුව තහවුරු කර ගත්තා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *