න්‍යෂ්ටික අවිහරණය සිදු කරනවා යැයි පොරොන්දු වී සිටින උතුරු කොරියාව, යළි රොකට් අත්හදා බැලීමේ කටයුතු ආරම්භ කර ඇතැයි බුද්ධි අංශ නිලධාරීන් තමන්ට දැනුම් දී ඇති බවත්, එය සත්‍යයක් නම්, උතුරු කොරියාවට එරෙහිව දිගටම සම්බාධක පනවන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.
උතුරු කොරියානුවන් වසා දැමුණු ඔවුන්ගේ ‘ටොංග්චැංග් රී’ මධ්‍යස්ථානයේ කටයුතු යළි ආරම්භ කර ඇති බවත්, ‘ටොංග්චැංග් රී’ මධ්‍යස්ථානය මේ වනවිට සක්‍රීය තත්ත්වයක පවතින බවත් අමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය අනාවරණය කළේ ටොංග්චැංග් මධ්‍යස්ථානයේ චන්ද්‍රිකා ඡායාරූප අනුවයි.
ටොංග්චැංග් මධ්‍යස්ථානය යනු උතුරු කොරියාව ඔවුන්ගේ මිසයිල සහ රොකට් අත්හදා බලන ස්ථානයයි. මෙම මධ්‍යස්ථානය පසුගිය වසරේ වසා දැමුණා.
ඒ, සාමයට කැමැත්ත පළ කරමින් න්‍යෂ්ටික අවිහරණය කරන බවට උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඩොනල්ඞ් ට්‍රම්ප්ට පමණක් නොව, අසල්වැසි දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ට කළ පොරොන්දුවකට අනුවයි.