රු.1000 තිබ්බ කහ රු. 200ට

රාජසන්තක කළ වියලි කහ කැබලි සහ කහ කුඩු කිලෝ ග්‍රෑම් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් කුළු බඩු අලෙවි මණ්ඩලය වෙත මුදා හැර ඇත. කහ කුඩු කිලෝ ග්රූම් 18,500ක් පමණ ද වියලි කහ කැබලි 81,500ක් පමණ ද එලෙස මුදාහැර ඇත.

මේ වන විට වෙළඳපොළේ කහ කුඩු අධික මිලකින් යුක්ත වන අතර 100g රුපියල්ආ 1000 කට මුදලකට අලෙවි වෙයි. මෙම කහ වෙළෙඳ පොලට නිකුත් කිරීමෙන් පසු කහ 100g රුපියල් 200 කට අලෙවි කිරීමට කටයුතු කරන බව රජය පවසයි.

ආනයන අපනයන පාලක දමයන්ති කරුණාරත්න පවසන්නේ මෙම කහ තොගය ඉකුත් මාසයේ රේගුවෙන් මුදාහල බවත් එය කුළු බඩු මණ්ඩලය විසින් සුදුසු අයුරින් ජනතා පරිභෝජනය සඳහා නිකුත් කරනු ඇති බවය. මෙම කහ තොගය කුළුබඩු අලෙවි මණ්ඩලය වෙත ලැබී තිබුණත් ඒවා පරිභෝජනයට සුදුසුද යන්න ගැන මේවන විට පරික්ෂා වෙමින් තිබේ. පරික්ෂණවලින් පසු කුළුබඩු අලෙවි මණ්ඩලය හරහා ද සතොස හරහා ද අලෙවි කිරීමට කටයුතු යොදා ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *