විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළමුවර කියවීම සඳහා ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ ඉන් අනතුරුව අදාළ සංශෝධනයට එරෙහිව යම් අයෙක් අධිකරණයට යන්නේ නම් ඒ සඳහා දින හතක කාලයක් හිමිවන බවයි.
එසේ අධිකරණය හමුවේ යම් පෙත්සමක් ඉදිරිපත් වුවහොත් එම අධිකරණ ක්‍රියාවලිය සඳහා තවත් සති තුනක කාලයක් හිමිවන අතර, අධිකරණ තීන්දුවෙන් අනතුරුවයි දෙවන වර කියවීමේ විවාදය සඳහා විසිවන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිවන්නේ.
මේ අතර, සමගි ජන බලවේගය විසින් දැනට යෝජනා කර ඇති ටුවෙන්ටි ප්ලස් යෝජනාවලිය හරහා කිසිදු බාධාවකින් තොරව ස්වාධීන රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කිරීමට හැකියාව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ විධායක කමිටු සාමාජිකයින් සහ විපක්ෂ නායකවරයා අතර ඊයේ පැවති සාකච්ඡාවකදී තමන් මේ බව සඳහන් කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.
යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීමට සහ 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති රජයට 50% කට වැඩි කොටස් හිමි සමාගම් ඇතුළු තවත් ආයතන කිහිපයක් විගණනයෙන් ඉවත් කොට තිබෙනවා.
එසේම, විගණකාධිපතිවරයාද රජයේ නිලධාරියෙකු නොවන බවට සඳහන්ව තිබූ වගන්තියද ඉවත් කිරීමට යෝජනා කර තිබීම හේතුවෙන් විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයද අභියෝගයට ලක්වන බවයි අදාළ සාකච්ඡාවේදී විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින සුළු අඩුපාඩුද නිවැරදි කරගනිමින් රජයට සම්බන්ධ සියලුම ආයතන විගණනය කිරීමේ බලය නව සංශෝධනය හරහා ලබාදෙන ලෙසද තමා යෝජනා කරන බවයි විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.