මොණරාගල – මාළිගාවිල – නියදැල්ල ප්රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු උපකරණ රැසක්ද සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් අදාළ ඉඩමේ දින ගණනක් තිස්සේ කැණීම් කටයුතු කරන බවට පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් ඔක්කම්පිටිය සහ කළුතර ප්රදේශවල පදිංචිකරුවන්.
කැණීම් සඳහා යොදාගත් උදළු, ආම්පන්න සහ වතුර මෝටරයක් ද සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඔවුන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.