ගෝඨාභයට නඩු දැමු නිවේදනය බාර දුන් මොහොතයි මේ (PHOTO)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට මහතාට එරෙහිව අමෙරිකාවේදී නඩු පවරා ඇති බවට සඳහන් වුවත් ඒ සම්බන්ධයෙන් වන නිවේදනයන් මේ දක්වා ඔහුගේ අතට ලැබි නොමැති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

ඉන්ටර්නැෂනල් ටෲත් ඇන්ඞ් ජස්ටිස් ප්‍රොජෙක්ට් නම් රාජ්‍ය නොවන සංවිධානය එක් නඩුවක්ද මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය තවත් නඩුවක්ද පවරා ඇති බවයි ඊයේ (08) වාර්තා වුණේ.

කෙසේ නමුත් අදාළ නිවේදනයක් ආරක්ෂක ලේකම්වරයාට භාරදුන් අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

එම ඡායාරූපය මේ සමග දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *