නව ආසාදිතයන් 177 දෙනෙකු ඊයේ හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 93,772ක් දක්වා ඉහළ ගියා.
ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 158 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර ඉතිරි 19 දෙනා විදේශයන් හි සිට පැමිණි අය වනවා.
ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 2476ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 90,708ක්.
එමෙන්ම, ඊයේ කොරෝනා මරණ දෙකක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 588ක් දක්වා ඉහළ ගියා.
බිබිල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පුද්ගලයෙකු සහ අම්පාර – මහඔය පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ අතර, ද්විත්ව පුරවැසියන්ට, ශ්‍රී ලාංකිකයින්ගේ විදේශික කාලාත්රයන් හා අවිවාහක දරුවන් මෙන්ම ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට මෙරටට ඇතුළු වීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය අවශ්‍ය නොවන බව විදේශ අමාත්‍යාංශය ඊයේ දැනුම් දුන්නා.
කෙසේ වෙතත් එක් ගුවන් වාරයකදී ශ්‍රී ලාංකිකයින් 75 දෙනෙකු පමණක් රැගෙන ඒමට හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස කියා සිටියා.