වරායේ නැව් දෙකක ‘කොරෝනා රෝගීන්’ දෙදෙනෙක්

ඉන්දියාවේ හා පාකිස්තානයේ සිට කොළඹ වරාය වෙත පැමිණි වෙළෙඳ නෞකා දෙකකින් කොවිඩ් රෝගීන් දෙදෙනකු සොයා ගැනීමත් සමග එම නැව් පිහිටි ප්‍ර​දේශ ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා.

කිස්තානයේ සිට සිමෙන්ති අමුද්‍රව්‍ය රැගෙන පැමිණි නැවකින් එක් කොවිඩ් ආසාදිතයකු වාර්තා වී සිටියා.නැවේ කාර්ය මණ්ඩල එහි සිටියදීම ගොඩබිමට ඒමට ප්‍රථම කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී මෙම අනාවරණය වී තිබුණා.එම නැව කොළඹ වරායට එපිටින් නැංගුරම් ලා තිබෙනවා.

‘විශ්වා ආනන්ද්’ නම් වූ ඉන්දිය නෞකාව කාර්ය මණ්ඩලයේ විසිහතර දෙනෙකු සමග අලුත්වැඩියාවක් සඳහා කොළඹ වරායට පැමිණ ඇති අතර එම පිරිස නෞකාව තුළම රඳවා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ අතරේ උණ රෝගය වැලඳී එහි සිටි අයකු මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නෞකාවේ පැමිණි එම ඉන්දියානුවාට කොවිඩ් වැලඳී ඇතැයි පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වූ පසු ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට යවා තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *