සුපිරි බොලිවුඩ් නළුවන් වන අනිල් කපූර් සහ ආදිත්‍ය රෝයි කපූර් දිවයිනට පැමිණ තිබෙනවා.
ඒ, ‘ද නයිට් මැනේජර්’ නමැති බි්රතාන්ය ටෙලි කතා මාලාවක හින්දි අනුවර්තනය රූගත කිරීම සඳහායි.
ඔවුන් සමග නළු නිලියන් ඇතුළු 180කට ආසන්න නිෂ්පාදන කණ්ඩායමක් ද මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් මේ වනවිට දකුණු පළාතේ රූගත කිරීම් ආරම්භ කර තිබෙනවා.
මෙරටට පැමිණ සිටින අනිල් කපූර් බෙන්තොට මුහුදු වෙරළේ සුන්දරත්වය පිළිබිඹු කරන ඡායාරූප මෙන්ම සුප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ ලුණු ගඟ පරිශ්‍ර පසුබිමේ සිට ගනු ලැබූ ඡායාරූප සිය සමාජ මාධ්‍ය වෙබ් පිටුවලට එක් කර තිබුණා.
ඔහුගේ ට්විටර් ගිණුමේ මිලියන 6.8ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් සිටින අතර, ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම පරිශීලනය කරන ග්‍රාහකයින් සංඛ්‍යාව මිලියන 4.3ක්.
අනිල් කපූර් ඇතුළු නළු නිලි කණ්ඩායම මාසයකට ආසන්න කාලයක් මෙරට රැදී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.