මොරටුමුල්ල පිළියන්දල අතර මහමග වෙඩි තැබීමක් – දෙදෙනෙක් මරු දකී

අද දින (14) උදෑසන 10.30 ට පමණ මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට සිටි තිදෙනෙකුට යතුරුපැදියෙන් පැමිණි දෙදෙනෙකු විසින් පතොරොම් තුවක්කුවකින් වෙඩි තබා පලාගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් එම නිවස ඉදිරිපිට මාර්ගයේ සිටි බස් රථ හිමිකරුවෙකු සහ ඔහුගේ පුතාගේ මිතුරෙකු මියගොස් ඇති බවටයි පොලීසිය සඳහන් කරන්නේ.

බස්රථ හිමිකරුගේ පුතා තුවාල ලබා රෝහල්ගතකර තිබේ. තවද මෙම වෙඩි තැබීම පුද්ගලික ආරවුලක් මත සිදුව ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.

වෙඩි තැබීමට පැමිණි එක් පුද්ගලයෙක්ව හඳුනාගෙන ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *