මොරටුමුල්ල කොස්පැලෑනේ දී ඊයේ (14) එල්ලවුණු වෙඩි ප්‍රහාරයෙන් මියගිය දෙදෙනා අතර අපරාධ චෝදනා රැසක් එල්ල වී ඇති ආමි මංජු නැමැත්තා ද සිටින බව පොලිසිය පවසනවා.
ඔහු සමඟ තවත් අයකු මෙහිදී මියගොස් තිබෙනවා.
අධිකරණයේ විභාගවන නඩුවකට පෙනී සිට නිවස බලා යමින් සිටිය දී මේ වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර මේ ප්‍රහාරයෙන් තවත් අයෙක් තුවාල ලැබුවා.
දුමින්ද ඉරෝෂණ නොහොත් ආමි මංජු නැමැත්තා සහ චින්තක සදරුවන් යන දෙදෙනා මෙසේ මිය ගොස් තිබෙන අතර තුවාල ලබා ඇති රමේෂ් විජයන්ත ආමි මංජු නැමැත්තාගේ පුතා බවයි පොලිසිය සන්ද්සහන් කළේ.
ආමි මංජු නමැත්තාට එරෙහිව කොල්ලකෑම් ඇතුළු අපරාධ චෝදනා ඇතැයි පොලීසිය සඳහන් කළා.