දියණිය සරසවියට දමා ගෙදර ගිය දෙමාපියන් අතරමග මරුට.. තවත් තිදෙනෙකුට බරපතලයි

කෑගල්ල මොලගොඩදී වෑන් රියක්, මෝටර් රියක් සහ ලංගම බසයක් එකිනෙක ගැටී සිදු වු අනතුරකින් අඹු සැමි යුවළක් මියගොස් තිබෙනවා.

එහිදී තවත් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කෑගල්ල පොලිසිය සඳහන් කළා.

සිය දියණිය පෞද්ගලික විශ්ව විද්‍යාලයට ඇරලවීමට ගොස් මොටර් රියේ එමින් සිටි අඹු සැමි යුවළ මෙසේ මිය ගොස් ඇති අතර ඔවුන් ගම්පහ බෙම්මුල්ල පදිංචි පීයසිරි සමන් කුමාර සහ කලනි චන්දාලතා නම් වනවා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ මියගිය දෙදෙනාගේ දියණියන් දෙදෙනෙකු , එක් දියණියක විවාහ වීමට සිටි තරුණයා සහ අනතුර වු වෑන් රථයේ දෙදෙනෙකි.

අනෙක වෑන් රථයේ ගමන් කළ පිරිස අම්පාර ප්‍රදේශයේ පිරිසක් පවන අතර ඔවුන් ගුවන් තොටුපොළට යද්දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

තුවාල ලැබූ තිදෙනකුගේ තත්වය බරපතළ බව රෝහල් බලධාරීන් සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *