තවත් ගෑස් කාන්දුවීමේ සිද්ධීන් දෙකක්… සුළුවට තකන්න එපා…

ගෘහස්ත ගෑස් සිලින්ඩරවලින් ගෑස් කාන්දුවීමේ සිද්ධීන් දෙකක් අදත් වාර්තා වෙනවා.

ඒ පොල්ගස්ඕවිට සහ ජාඇල ප්‍රදේශවලිනි.

පොල්ගස්ඕවිට සියඹලාගොඩ රණවිරු ප්‍රේමසිරි මාවතේ පිහිටි නිවසක හිමිකරු ඊයේ මිලදීගත් ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දු වන පවසයි.

එම ගෑස් සිලින්ඩරයේ වෑල්වයෙන් ගෑස් කාන්දුවන ආකාරය නිවසේ හිමිකරු ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.

ඉන් පසු නිවසේ හිමිකරු සිලින්ඩරය නිවසෙන් පිටතට රැගෙන ගොස් ගෙවත්තේ පාළු ස්ථානයක තබා ඒ පිළිබඳව ගෑස් සැපයුම්කරුට දැන්වීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු පවසා සිටියේ, “මම පොලිස් මූලස්ථානයට කතා කරලා ඇහුවා මොකක්ද මේකට කරන්නේ කියලා. ඒ අය කිව්වා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශයට කතා කරලා කියන්න කියලා. ඒකටත් මම කතා කරලා පණිවුඩයක් දුන්නා. පොදු මහජනතාවට කරදරයක් වෙන්නේ නැතිව මේ හරිගස්සන කියන එක තමයි අපිට අවශ්‍ය.” යනුවෙනි.

මේ අතර ජා ඇල, තුඩැල්ල ප්‍රදේශයේ නිවසක ඊයේ රාත්‍රීයේදී ගෑස් කාන්දුවක් නිසා පිපිරීමක් සිදුවූ බව නිවැසියන් පැවසීය.

නිවැසියන් පැවසුවේ ඒ පිළිබඳව පොලිසියටද පැමිණිලි කළ බවය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ කාන්තාවක් පැවසුවේ, “මම මේ උයලා ඉවරවුණා විතරයි. ලිප ඕෆ් කෙරුවාම තමයි ඒ පිපිරීමේ සද්දේ ආවේ. ඊට පස්සේ මම කෑගැහුවා. පස්සේ පුතා ඇවිත් ඕෆ් කළා.” යනුවෙනි.

මතුව ඇති මෙම අර්බුදකාරී තත්ත්වය නිසා සිලින්ඩර්වල අන්තර්ගත සංයුතීන් පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා දිස්ත්‍රික්ක 6කින් සාම්පල ලබාගෙන ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ ප්‍රකාශ කළේය.

ඒ කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කුරුණෑගල සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලිනි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *