නාදුනන පුද්ගල මළ සිරුරු දෙකක් යාපනයෙන්

යාපනය ප්‍රදේශයන්හි තිබී ඊයේ(27) නාදුනන පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගත් බව පේදුරුතුඩුව හා වැල්වැටිතුරෙ පොලිස් ස්ථාන සඳහන් කරයි.

පොලිසිය පැවසූවේ වයස අවුරුදු 40ත් 50ත් අතර වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු බවයි.

මළ සිරුරු දින කිහිපයකට පෙර මියගිය පුද්ගලයින්ගේ විය හැකි බවට සැක කරන අතර, මළ සිරුරුවල අනන්‍යතාව හඳුනාගෙන නොමැති බව ද පොලිසිය සඳහන් කරයි.

මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් පේදුරුතුඩුව රෝහල් මෘත ශරීරාගාර වෙත යොමු කොට ඇති බව පොලිසිය තව දුරටත් පවසයි.

සිදුවීම් සම්බන්ධයෙන් පේදුරුතුඩුව හා වැල්වැටිතුරෙයි පොලිස් ස්ථාන වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *