ගම්පහ මංකොල්ල කෑ පාතාලයන් අතරේ ‘සුදු වෑන්’ රියදුරන් දෙදෙනාත් හසුවේ

ගම්පහ, කෙහෙල්බද්දර ප්‍රදේශයේ ආයුර්වේද මධ්‍යස්ථානයකට කඩා වැදී එහි වෛද්‍යවරයා බිය ගන්වා මුදලින් රුපියල් ලක්‍ෂ 46ක් සහ රන් භාණ්ඩ කොල්ලකෑ පාතාලයට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් 10 දෙනකු ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 15ක් සමඟ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය මඟින් ඊයේ (25) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ආන්දෝලනාත්මක ‘සුදු වෑන්’ මාධ්‍ය හමුවට බොරු රැවුලක් සහිතව සහභාගි වූ අතුල සංජීව මදනායක සහ සරත් කුමාර යන සැකකරුවන් දෙදෙනාද සිටින බව වාර්තා වනවා.

අතුල සංජීව මදනායක යන තැනැත්තාට පුද්ගල ඝාතනයක් ඇතුළු නඩු 6ක් පවතින බවත්, ඔහු සහ සරත් කුමාර විසින් ගම්පහ ප්‍රදේශයේ ක්‍රියාත්මක පාතාල කල්ලි සමඟ සම්බන්ධ වී මෙම කොල්ලකෑම සිදුකර ඇති බවත් පොලිසිය කියා සිටිනවා.

ආයුර්වේද වෛද්‍යවරයකු විසින් පවත්වාගෙන යන කෙහෙල්බද්දර පිහිටි එම වෛද්‍ය මධ්‍යස්ථානයට රෝගීන් විශාල පිරිසක් එක් දිනකට පැමිණෙන බවත් පොලිසිය පවසනවා.

මධ්‍යම රාත්‍රිය වන විට එහි රුපියල් ලක්‍ෂ ගණනක මුදලක් එකතුවන බවට, එහිම සේවකයන් දෙදෙනකු විසින් ලබාදුන් ඔත්තුවකට අනුව සන්නද්ධ කල්ලිය මෙම කොල්ලය සංවිධානය කර තිබෙනවා.

මෙම මධ්‍යස්ථානය තුළ රුපියල් කෝටි ගණනක මුදලක්ද තැන්පත් කොට ඇති බවටද වෛද්‍යවරයා යටතේ සිටි එම සේවකයන් දෙදෙනා කොල්ලකරුවන්ට පවසා ඇති අතර ඒ අනුව ඉකුත් 07 වැනිදා අලුයම් කාලයේ 8 දෙනකුගෙන් යුත් සන්නද්ධ කල්ලිය ගිනි අවි සහිතව එම ස්ථානයට කඩාපැන කොල්ලය සිදුකර පලාගොස් තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *