‘119’ අමතා පොලිසිය මුලා කෙරු කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

‘119’ විශේෂ දුරකථන අංකය අවභාවිත කළ කාන්තාවන් දෙදෙනෙක් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ දංකොටුව පොලිසිය විසින් මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

‘119’ විශේෂ දුරකථන අංකයට පෙරේදා (18) පස්වරුවේ ලද ව්‍යාජය දුරකථන පණිවුඩයකට අනුව සිදුකළ විමර්ශනයකදී එම ඇමතුම ලබාදුන් 25 හැවිදිරි කාන්තාවක් සහ එම ඇමතුම ලබාගැනීමට දුරකථනය ලබාදුන් 28 හැවිරිදි ඇයගේ සහෝදරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු දංකොටුව ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරියන් දෙදෙනා ඊයේ (19) මාරවිල අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ව්‍යාජ දුරකථන ඇමතුම ලබාදුන් කාන්තාව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර ඇමතුම ලබාගැනීමට දුරකථනය ලබාදුන් කාන්තාව ඇප මත මුදාහැර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *