මිහින්තලේ පරිවාර දාගැබක් මත නැග ඡායාරූප ලබා ගත් තරුණයින්ට අත්වූ ඉරණම

මිහින්තලේ රජමහා විහාරස්ථානය අසල පිහිටි පරිවාර දාගැබක් මත නැඟී ඡායාරූප ලබා ගත් තරුණයින් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිට්ටඹුව තිහාරිය ප‍්‍රදේශයේ දේවස්ථානයක අධ්‍යාපනය ලබන එම සිසුන් දෙදෙනා අධ්‍යාපන චාරිකාවක් සඳහා මිහින්තලේට ගිය අවස්ථාවේ එම ඡායාරූප ගෙන ඇති අතර ඔවුන් මුතුර් ප‍්‍රදේශයේ පදිංචි අය බවයි වාර්තා වන්නේ.

දාගැබ මත නැඟුණු එක් සිසුවෙකුගේ ඡායාරූපය අනෙක් සිසුවා විසින් ලබා ගෙන ඇති අතර ඒවා ඔවුන්ගේ ජංගම දුරකථනවල සටහන් වී තිබූ බව මිහින්තලේ පොලිසියේ ප‍්‍රකාශකයෙක් මාධ්‍ය වෙත සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *