උද්දිකගේ කතාවට බන්දුලගේ හිත රිදෙයි !

පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න අද පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන හට චෝදනා කරනු ලැබූවා.

ඔහු එහිදී කියා සිටියේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා අමාත්‍යාංශ කිහිපයක්ම අධික තණ්හාවෙන් දරා සිටින බවයි.

එමෙන්ම ඔහු චෝදනා කලේ අමාත්‍යවරයා විසින් නිෂ්පාදිත “නිව්ස් පේපර්”චිත්‍රපටියට හිමි වූ ජාත්‍යන්තර සම්මානය පවා ලබා ගැනීමට ගියේ ද අමාත්‍යවරයා විසින්ම බවයි.එහිදී හොඳම නලුවා සම්මානයෙන් පිදුම් ලැබූ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල හට දැඩි අසාධාරණයක් සිදු වූ බවටද උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා චෝදනා කර සිටියා.

ඔහුගේ කතාවෙන් පසුව අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා නියෝජ්‍ය කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ අදාළ චෝදනා ඇතුළත් ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කර දෙන ලෙසයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *