“මොකෙක්ද ඌ.. ඌ පොරක්ද” – අමල් පෙරේරාගේ පුතාට නීතිඥයා බැණ වදී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඊයේ (27) නිදහස් වූ නදීමාල් පෙරේරා ගුවන්තොටුපළෙන් පිටව යන අවස්ථාවේ නීතිඥ උදුල් ප්‍රේමරත්න පැමිණ සිටිය ද ඔහුව සිය අවධානයට නොගෙන ඔහුගේ සංඥාවට පවා ප්‍රතිචාර නොදක්වා නදීමාල් වාහනයක නැඟී පිටව ගියා.

මේ අවස්ථාවේ උදුල් නදීමාල්ට මොහොතකට නතර වන ලෙස ඉල්ලා සිටිය ද ඒ ඉල්ලීම ඔහු තඹ සතයකට මායිම් නොකර පිටව යන අයුරුයි දැක ගැනීමට හැකි වුණේ.

මේ නිසා කෝපයට පත් උදුල් “… පොඩි කොල්ලෝ මුන්. සලමන් ඛාන් ද ඌ? පිස්සුද? මොකෙක්ද ඌ? පොඩි එකෙක්. ඌ නළුවෙක්ද? ඌ පොරක්ද? සලමාන් ඛාන් කුඩු ගහලා අහුවුණාද? තප්පරයක් ඉන්න මට ඌට කතා කරන්න ඕන..” යැයි කෝපයෙන් බැණ වැදුණා.

කෙසේ වුවද උදුල්ගේ දුරකතනයට පවා නදීමාල් ප්‍රතිචාර දැක්වූයේ නැහැ.

අනතුරුව නැවත සන්සුන් වූ නීතිඥ උදුල් කියා සිටියේ නදීමාල් කිසිදු වරදක් නොකළ බවත් අමල් පෙරේරා ද ඉක්මනින් නිදහස් වනු ඇති බවයි. අමල් සහ නදීමාල් අත්අඩංගුවට පත් අවස්ථාවේ ඔවුන් බේරා ගැනීමට යැයි පවසා උදුල් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *