“මානව හිමිකම් කාර්යාල හා හයිබි‍්‍රඞ් අධිකරණ බෑ ” – ඇමති මාරපන ජිනීවා සමුළුවට අවධාරණය කරයි

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප‍්‍රධාන යෝජනා දෙකක් ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කාර්යාලය පිහිටුවීම හා හයිබි‍්‍රඞ් අධිකරණය පිහිටුවීමේ යෝජනා ප‍්‍රතික්‍ෂේප කරන බව 40 වැනි මානව හිමිකම් සැසිවාරය අමතමින් විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා ප‍්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

තිලක් මාරපන මහතා ප‍්‍රකාශ කර ඇත්තේ විදෙස් විනිසුරුවන් මෙරටට ගෙන්වා ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය හා ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.

එම නිසා මේ යෝජනා කෙසේවත් ක‍්‍රියාත්මක කළ නොහැකි බව හෙතෙම අවධාරණය කර සිටියා.

මාරපන මහතා මෙම ප‍්‍රකාශය කළේ ශ‍්‍රී ලංකාවට හයිබි‍්‍රඞ් අධිකරණයක් අවශ්‍ය බවට මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් කළ ප‍්‍රකාශයකට පිළිතුරු වශයෙනුයි.

ශ‍්‍රී ලංකාව සියලූ ක‍්‍රියාමාර්ග ගන්නේ ව්‍යවස්ථාවට අනුව බවත් ඇමැතිවරයා සඳහන් කර ඇති අතර ශ‍්‍රී ලංකාවට එල්ල කර ඇති යුද අපරාධ සම්බන්ධයෙන් මෙතෙක් ජාත්‍යන්තර ප‍්‍රජාව කිසිදු සාධාරණ විභාගයක් පවත්වා නැතැයි ද මාරපන මහතා කියා තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *