උණවටුනේ හෝටල් හිමිකාරිය මරා දැම්මේ සැමියාගේ කොන්ත්‍රාත්තුවකට !

උනවටුන යද්දෙහිමුල්ලේ සංචාරක නිකේතනයක් පවත්වාගෙන ගිය නිලූකා චාමලීව පසුගිය දා ඝාතනය කර ඇත්තේ විදෙස් ගත සැමියාගේ කොන්ත්‍රාත්තුවකට බවට පොලිස් පරීක්ෂණවල දී සැක මතුව තිබෙනවා.

ඇගේ සැමියා පවුල් ආරවුලක් මත සිටිනුයේ නිලූකා ගෙන් වෙන්ව විදේශගතවය.

ඇගේ දරුවා තවමත් සත් හැවිරිදි වියේ පසුවන අතර නිලූකා සිය ව්‍යාපාර කටයුතු කරගෙන ගොස් තිබෙනවා.

දිනය ඉකුත් 09 වැනිදා යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනකු සංචාරක නිකේතනය තුළට කඩාවැදී නිලූකා චාමලීගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබුණා.

මෙම සංචාරක හෝටලයේ හිමිකාරියගේ ඝාතනය වී ඇත්තේ තියුණු ආයුධයකින් පහරදීමෙන් වූ බහුවිධ තුවාල නිසා බව පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී ඇති බැව් හබරාදුව පොලිසිය සඳහන් කළා.

ඝාතනයට ලක්වූ හෝටල් හිමිකාරියගේ පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණිය මහත්මිය විසින් කරනු ලැබ තිබෙනවා.

ඉනෝකා චාමලී මීට පෙරද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පොලිසියට කරුණු වාර්තා වී ඇති අතර ස්විට්සර්ලන්තයේ පදිංචිව සිටින බව සැමියා හා ඇය අතර දේපළ සම්බන්ධයෙන් ආරවුල් පැවැති බව පරික්ෂණවලදී අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම කාන්තාවගේ සැමියා ඇයගෙන් දික්කසාද වීම සඳහා දික්කසාද නඩුවක් පවරනු ලැබ ඇති අතර චාමලී පවත්වාගෙන ගිය උනවටුනේ සංචාරක නිකේතනය පිහිටි ඉඩම මිලදීගෙන තිබී ඇති බව පැවසෙන්නේ ඇගේ සැමියායි.

මෙම දේපළ සම්බන්ධයෙන් චාමලී සහ සැමියා අතර ආරවුල් පැනනැඟී තිබූ බව පැවසෙනවා.

චාමලී මෙම ස්ථානයෙන් ඉවත් කර දේපළ තමන් අතට ගැනීම චාමලීගේ සැමියා උත්සාහ කරමින් සිටි බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර මීට පෙර චාමලීගේ සැමියා විසින් චාමලී ඝාතනය කිරීමට රුපියල් ලක්ෂ තිහක කොන්ත්‍රාත්තුවක් හික්කඩුව ප්‍රදේශයේ කාන්තාවකට ලබාදී ඇති බව වාර්තා වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට පෙර පරීක්ෂණ පැවැත්වූ ගාල්ල පොලිස් අපරාධ විමර්ශන අංශාධිපති දිනේෂ් නිශාන්ත ද සිල්වා මහතා මෙම කොන්ත්‍රාත්තුව ලබාගත් බව කියන කාන්තාව සහ තවත් අයකු පොලිස් අත්අඩංගුවට ගත්තා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.