ලෝක විනාශයක් වුණොත් බේරෙන්න ‘ප‍්‍රකෝටිපතියන්’ පොළොව යට මිලට ගත්ත බංකර (VIDEO)

ලෝකයේ ප‍්‍රකෝටිපතියන් හදිසියේවත් ලෝක විනාශයක් වුණොත් ඒ තත්වයෙන් බේරෙන්න පොළොව යට බංකර මිලට ගැනීමට දැන් සූදානමින් සිටිනවා.

ඒ වගේම ඔවුන් වෙනුවෙන් බංකර ඉදිකිරීමේ ව්‍යාපෘතියක් කැලිෆෝනියාවේ Robert Vicino විසින් ආරම්භ කර ඇති අතර එය Vivos Group යනුවෙන් නම් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යටතේ දැනට පොළොව යට බංකර් පද්ධතිය සාදා අවසානයි. පුද්ගලයන් 80 කට පමණ ජීවත් විය හැකි පහසුකම් සලසා තිබෙන අතර මේ බංකර පද්ධතිය මෙගා ටොන් 80 ක පිපිරීමකට ඔරොත්තු දෙනවා. මේ වෙන විට ඉන්ඩියානා බංකර සියල්ල විකිනී අවසානයි.

* විවොස් යුරෝපා බංකර පද්ධතිය (vivos Europa)

වර්ග අඩි 25,000 ක වපසරිය ඇති බංකර පද්ධතිය නිර්මාණය කර තිබෙන්නේ ජර්මනියේ vivos Europa ප‍්‍ර‍්‍රදේශයේය. පුද්ගලයන් දහසකට පමණ මෙහි ජීවත්වීමට පහසුකම් සැලසී තිබෙනවා. කුඩා සත්වෝද්‍යානයක්, සංස්කෘතික වස්තූන් එකතුවක්, ශාඛ සහ සත්ව ජාන බැංකුවක් වගේම ගිනි ආරක්ෂක පද්ධතියක් වැනි සියලූ පහසුකම්වලින් සමන්විතයි. විවොස් යුරෝපා බංකර පද්ධතිය (vivos Europa) වෙනුවෙන් තෝරා ගෙන තිබෙන්නේ ලෝක යුද්ධ සමයේදී සෝවියට් හමුදාවන් විසින් සාදා ගත් බලකොටුවක් නවීකරණය කරමින් වීමත් විශේෂයක්.

* Vivos xPoint, South Dakota

ඩැකෝටා බංකරය ඉදි කර තිබෙන්නේ 1942 වසරේ හමුදා කඳවුරක් වෙනුවෙනුයි. වර්ග සැතැපුම් 18 ක වපසරිය ඇති මෙය අභ්‍යන්තර බංකර අතරින් විශාලතම එකක් ලෙස සැලකේ. 2016 වසරේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කරන ලද ඩැකෝටා බංකර පද්ධතිය අද Ft. Igloo නමින් ව්‍යවහාර වනවා.

* Atchison, Kansas shelter

Atchison, Kansas ප‍්‍රදේශයේ පිහිටි මෙම බංකරය 2013 වසරේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කරන ලදී. පුද්ගලයන් පන්දහසකට පමණ ජීවත්විය හැකි මෙම බංකරය වර්ග අඩි 2,700,000 කින් යුක්තය. 2014 වසරේ මෙම බංකරය නිසා හිරිගල් පද්ධතියට හානි වීමේ අවදානම නිසා Atchison, Kansas බංකරයේ ඉදිකිරීම් කටයුතු නවතා තිබෙනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *