පාතාල නායක කොස්ගොඩ තාරකට ඇප දෙයි

ගිනිඅවි පෙන්වා සේවකයන් බියගන්වා අලුත්ගම ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක නමැත්තා ඇප මත මුදාහරින ලෙස කළුතර මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා නියම කළා.

ඒ අසේල කුලරත්න සහ ශම්මි තාබෘෘ යන නීතිඥ මහත්ම මහත්මීන්ගේ උපදෙස් මත ජේ‍යෂ්ඨ නීතිඥ කනිෂ්ක වන්නිආරච්චි මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ඇප අයෑදුම සලකා බැලීමෙන් අනතුරුවයි.

රුපියල් විසිපන්දහසක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප පහක් මත ඔහු මුදාහරින ලෙස විනිසුරුවරයා විසින් නියම කරන ලදී.

එම වෙඩි තැබීමේ සිද්ධියට හා අලුත්ගම හෝටලයකදී බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළව මොහු රක්ෂිත බන්ධනාගාරගතව සිටියා.

කළුතර අධිකරණ සංකීර්ණය අසල දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ අතර සැකකාර කොස්ගොඩ තාරක නමැත්තා ආරක්ෂක හේතූන් මත මෙදින අධිකරණයට ඉදිරිපත් නොකරන ලදී..

මේ අතර ‘තාරකට’ ඇප ලැබුණද තවත් නඩු කිහිපයකට අනුකූලව ඔහුට තවදුරටත් බන්ධනාගාරගත වීමට සිදුව තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *