යූනියන් ඇෂුවරන්ස් ‘ප්‍රිමියර් ක්ලබ්’ සම්මාන උළෙලේදී 2023 ප්‍රථම කාර්තුවේ විශිෂ්ටයන්ට ඇගයුම්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගමක් වන, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ‘ප්‍රිමියර් ක්ලබ්’ සම්මාන උළෙල පසුගිය මැයි 27 වන දින එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී, 2023 වර්ෂයේ ප්‍රථම කාර්තුව තුළ ඉහළම දක්ෂතා දැක්වූ, සමාගමේ ‘Agency Distribution’ නාලිකාවේ විශිෂ්ටයන් පිරිසක් ඇගයීමට ලක් කරමින් පැවැත්විණි. යූනියන් ඇෂුවරන්ස් සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා ඇතුළුව එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ අලෙවි බලකායේ විශිෂ්ටයන් ඇගයීම සඳහා මෙම සම්මාන උළෙල කාර්තුවකට වරක් පැවැත්වේ. දීර්ඝ කාලයක පටන් පැවැත්වෙන මෙම සම්මාන උළෙල, සැබෑ විශිෂ්ටත්වයට නිසි ඇගයීමක් ලබාදෙන වැඩසටහනක් ලෙස බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට ලක් වී ඇත. එමෙන්ම එය ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා යූනියන් ඇෂුවරන්ස් අලෙවි බලකායේ සාමාජික සාමාජිකාවන් නිරන්තරයෙන් දිරිගන්වන සාධකයකි.

මෙවර සම්මාන උළෙලේදී විශිෂ්ටයන් 35 දෙනෙකුට වැඩි පිරිසකට සුඛෝපභෝගී මෝටර් රථ, මුදල් ත්‍යාග, ව්‍යාපාර සංවර්ධන ත්‍යාග සහ වෙනත් ඇගයුම් හිමි විය. මේ සියළුම දෙනා, තමන් සපයන සේවාව සහ එයට අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳව පුළුල් අවබෝධයකින් යුතුව, විශිෂ්ට විකිණුම් හා අලෙවි කුසලතා පෙන්නුම් කරමින්, ගනුදෙනුකරුවන්ට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා කැපවුණු වෘත්තිකයන් ලෙස හැඳින්විය හැකි වේ.

“යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ් වැඩසටහන යනු, දක්ෂතාවලට මුල්තැන දෙන ආයතනික සංස්කෘතියක් ඔස්සේ අපගේ අලෙවි බලකායේ විශිෂ්ටයන් ඇගයීමට ලක්කිරීම සඳහා අප දරන උත්සාහය මැනැවින් නිරූපණය කරන වැඩසටහනක්. අපගේ වෘත්තිකයන්ට පෞද්ගලික හා වෘත්තීය වශයෙන් දියුණුව කරා යාමට අවශ්‍ය සහයෝගය, පුහුණුව සහ අනෙකුත් අවස්ථාවන් ලබාදීමට අප කැප වී සිටිනවා. විශිෂ්ට විකිණුම් හැකියාවක් මෙන්ම, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් පිළිබඳව තමන්ට පැහැදිලි අවබෝධයක් ඇති බවත්, ගුණාත්මක සේවාවක් ලබාදීමට තමන් කැප වී සිටින බවත් මෙම ජයග්‍රාහකයන් පැහැදිලි ලෙසම පෙන්වා දී තිබෙනවා. ඔවුන් සියළුම දෙනාට මගෙන් උණුසුම් සුබපැතුම්! යූනියන් ඇෂුවරන්ස් ප්‍රිමියර් ක්ලබ් වැඩසටහන ඉදිරියටත් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් පෙරමුණ ගැනීමට මෙම විශිෂ්ට වෘත්තිකයන් දිරිගන්වන සාධකයක් ලෙස පවතීවි.” යූනියන් ඇෂුවරන්ස් නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස් සමාගම, දශක තුනක සාර්ථකත්වයක් ඔස්සේ 2023 මාර්තු මාසය වන විට රු. බිලියන 19.4 ක් වූ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක් සහ රු. බිලියන 57.7 ක ජීවිත රක්ෂණ අරමුදලක් වාර්තා කරගෙන ඇත. යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය, ආරක්ෂාව සහ විශ්‍රාම ජීවිතය අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමන අතර, එහි කාර්ය මණ්ඩලයේ සේවය කරන සංඛ්‍යාව 4,000 කට අධික ය. රක්ෂණ ක්ෂේත්‍රයේ අනාගත වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික-කේන්ද්‍රීය දෘෂ්ටිකෝණයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් යුනියන් ඇෂුවරන්ස් සමාගම අඛණ්ඩව ආයෝජනය කරමින් සිටී.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *