ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සමාගමක් වන යූනියන් ඇෂුවරන්ස්, ‘League of Legacy’ යන උත්කර්ෂවත් තේමාව යටතේ, කැපී පෙනෙන ජයග්‍රහණ අත්කරගත් විශිෂ්ටයින් ඇගයීම සඳහා 2022 වසරේ Agency (ඒජන්සි) වාර්ෂික සම්මාන උළෙල පවත්වන ලදී. මතකයෙන් නොමැකෙන මෙම උත්සවය 2023 ජූලි මස 4 වන දා මොනාර්ක් ඉම්පීරියල්හිදී පැවැත්විණි. ජෝන් කීල්ස් හෝල්ඩිංස් සමාගමේ ගෞරවණීය සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, ජෝන් කීල්ස් හෝල්ඩිංස් සමාගමේ මූල්‍ය සේවා/තොරතුරු තාක්ෂණ සහ විනෝද කර්මාන්ත සමූහයේ සභාපති සුරේෂ් රාජේන්ද්‍ර සහ යූනියන් ඇෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් ඇතුළු විද්වතුන් පිරිසක් මෙම උත්සවය වර්ණවත් කළහ.
මෙම සම්මාන උළෙලේදී, ලෝකඩ, රිදී, රන්, දියමන්ති සහ ප්ලැටිනම් යන කාණ්ඩ යටතේ සම්මානලාභීන් 400 දෙනෙකුට අධික පිරිසක් ඇගයීමට ලක් වූහ.
මෙම උත්සවයේදී සමස්ත ශූරතාව හලාවත කලාපයේ චානක අප්පුහාමි දිනාගත් අතර, ජාතික නව ව්‍යාපාරික ශුරතාව කිරුළපන කලාපයේ උපුල් ප්‍රියන්තට හිමි විය. විශිෂ්ටතම කලාපයට හිමි සම්මානය හිමි වූයේ, හලාවත කලාපයට ය. හොඳ ම කලාපයට හිමි සම්මානය (Large category) මෙට්‍රෝ සිටි 1 කලාපය දිනාගනිද්දී, Small category හොඳම කලාප සම්මානය දකුණ 3 කලාපයට හිමි විය. හොඳම සමූහ සම්මානය (Small category) Cluster 4 සමූහයට හිමි විය.
මෙම උත්සවයේදී යූනියන් ඇෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස්, සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කරගත් නියෝජිතයින්ගේ සේවය අගය කළේය. දිනෙන් දින සම්මානලාභීන් සංඛ්‍යාව ඉහළ යාම, 2022 වසර පුරාවට සිදුවූ සමාගමේ කැපී පෙනෙන කාර්යසාධනයට සාක්ෂියක් බව ඔහු අවධාරණය කළේය. “යූනියන් ඇෂුවරන්ස් සමාගම සාර්ථකත්වය කරා රැගෙන ගියේ, එහි කාර්ය මණ්ඩලයයි. නිෂ්පාදන නවෝත්පාදනය සහ සේවා විශිෂ්ටත්වයේ සිට ජයග්‍රහණය පෙරදැරි කරගත් ඩිජිටල් දැක්මක් දක්වා සමාගම පරිවර්තනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් සාමූහිකව සමත් වී තිබෙනවා. පසුගිය වසරේ අපි ප්‍රධාන කාර්යසාධන දර්ශක රැසක් අභිබවා යමින්, ශ්‍රී ලංකාවේ වේගයෙන් ම වර්ධනය වන ජීවිත රක්‍ෂණ සමාගම් අතරට නැවත ස්ථානගත වෙමින් විශිෂ්ට ව්‍යාපාරික ප්‍රගතියක් හිමි කර ගත්තා,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
යූනියන් ඇෂුවරන්ස්හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සෙනත් ජයතිලක මහතා, සමස්ත කාර්ය මණ්ඩලයේ නොසැලෙන කැපවීම සහ වෘත්තීයභාවය පිළිබඳව අගය කළේය. අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන්ට මුහුණ දුන්න ද, කාර්ය මණ්ඩලයේ නොපසුබට කැපවීම සහ සේවා විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම විශිෂ්ට ප්‍රතිඵල මගින් බැබලිණි. “යුනියන් ඇෂුවරන්ස් සමාගම දෙවන විශාලතම නිත්‍ය නව ව්‍යාපාර බිහි කරන සමාගම බවට පත්වීමට උපකාරී වුණේ, ඔවුන්ගේ කාර්යසාධනයයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.
උද්දීපනය, විනෝදය සහ සැමරුම්වල පරිපූර්ණ සම්මිශ්‍රණයක් සමගින්, සහභාගි වූ සියලු දෙනා අතර, කණ්ඩායම් හැඟීම පෝෂණය කරමින්, ප්‍රීතිමත් සුහදතාවක් සහ විශිෂ්ටත්වය පිළිබඳ හැඟීමක් ඇති කළේය.
යූනියන් ඇෂුවරන්ස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම්වලින් එකක් වන ජෝන් කීල්ස් සමූහයේ අනුබද්ධිත ආයතනයකි. සාර්ථක දශක තුනක් සම්පූර්ණ කර ඇති එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය රු. බිලියන 19.4ක් වන අතර ජීවිත අරමුදල 2023 මාර්තු අවසන් වන විට රු. බිලියන 57.7 කි. ශ්‍රී ලාංකේය සිහින සවිබල ගැන්වීම සඳහා පිහිටුවා ඇති යූනියන් ඇෂුවරන්ස් සමාගම ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආයෝජන, ආරක්ෂාව සහ විශ්‍රාම අවශ්‍යතා ආවරණය වන පරිදි ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 4,000කට අධික ශ්‍රම බළකායක් හිමි යූනියන් ඇෂුවරන්ස්, ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුළ මතු වන වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාරිභෝගික කේන්ද්‍රීය ඉලක්කයක් සහිතව පුද්ගලයන්, නිෂ්පාදන සහ ක්‍රියාවලීන් සඳහා අඛණ්ඩව ආයෝජනය කරයි.